03. සේරිවාණිජ ජාතකය – Seriwanija Jathakaya

සේරිවාණිජ ජාතකය

තවද එක් සමයෙක් හී සකල ගුණ නිදාන වූ තිලෝගුරු බුදූ රජානන් වහනසේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි
වැඩ වසන සේක් පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අරඹයා මේ ජාතකය දක්වා වදාල සේක. ඒ කෙසේද යත්
ඒ පසු බට වීර්ය ඇති භික්ෂුන් වහන්සේ පළමු පරිද්දෙන්ම අවශේෂ භික්ෂූන් වහන්සේ විසින් බුදූන් සමීපයට
කැඳවාගෙන අවුත් පෑ කල්හි බුදූහුගේ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට එම්බල තෝ මෙබඳූ මාර්ග
ඵලදායක ශාසනයෙහි මහණව විර්ය හරණෙහිද. ලක්ෂයක් වටනා ඝන රන් තලියෙන් පිරිහුනා වූ සේරිවාණිජ
වෙළෙන්දා මෙන් බොහෝ කාලයක් ශෝක කරන්නේ වේදැයි වදාරා තුෂ්ණිම්භ=තව වැඩ උන් සේක. එකල්හි
එතැනට රැස් වූ භික්ෂූන් වහන්සේ සකසා හැඳ පෙරව පල භාරයෙන් නැමනා වූ කදැලි වෘක්ෂයක් මෙන් බුදූ
රජානන් වහන්සේට අභිමුඛව නම් නච බන්ධාඤලීව දොහොත් මුදූනෙහි තබා භක්ති ප්‍රේමාති භාර වනෝත්තම
මාංගයෙන් නමස්කාර කොට සිට ඒ අර්ථය ප්‍රකාශ කරන පිණිස සර්වඥයන් වහන්සේට ආරාධනා කළ සේක. Continue reading “03. සේරිවාණිජ ජාතකය – Seriwanija Jathakaya”

02. වණ්ණුපථ ජාතකය – Wannupatha Jathakaya

වණ්ණුපථ ජාතකය

තවද එක් සමයෙක්හි බුදුහු දෙව්රම් වෙහෙර වැඩවසනසේක් භාවනා කිරීමෙහි හරණලද විර්යය ඇති භික්ෂූ
කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක. ඒ කෙසේද? යත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර
වසන කල්හි එම නුවර වසන්නා වූ එක් කුලපුත‍්‍රයෙක් ජේතවනාරාමයට ගොස් බුදුන්ගෙන් බණ අසා රත්නත‍්‍රයෙහි
ප‍්‍රසන්න වූ සිත් ඇතිව කාමයෙහි ආදීනව හා ප‍්‍රවෘජ්‍යාවෙහි අනුසස් අසා මහණව උපසම්පදා පස්වසක් ඇතුළත
උභයමාතෘකාව වනපොත්කොට සික්ෂා පද ඉගෙන භාවනා මාර්ගයන් ඉගෙන සර්වඥයන් සමීපයේදී තමන්
වහන්සේට අභිප‍්‍රාය වූ කර්මස්ථානයක් ගෙන උදකලාව වාසය කැමතිව වලට වැද වනයෙහි සැදැහැ ඇති උපාසක
වරුන් විසින් කරවා පිනීකා යෙහි ඇලී වාසය කරව. Continue reading “02. වණ්ණුපථ ජාතකය – Wannupatha Jathakaya”

01. අපණ්ණක ජාතකය – Apannaka Jathakaya

අපණ්ණක ජාතකය

ශාක්‍ය කුල තිලකවූ පරදුක්ඛ දුක්ඛිතවූ කරුණානිධාන වූ අසරණ සරණ වූ සමන්ත භද්‍ර වූ තිලෝගුරු සම්‍යක් සම්බුදු
රජාණන්වහන්සේ මේ භද්‍ර කල්පයට සරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් යට සාරමණ්ඩ නම් කල්පයෙහි තණ්හංකරය,
මේධංකරය, සරණංකරය යි තුන් බූදුකෙණෙකුන් වහන්සේට ඉක්බිතිව උපන් තුන්ලොවට ඛේමංකර වූ මොහඳුරට
දිවාකර වූ මුළු සතන්ට ශාන්තිකර වූ පින්වත්නට සිවංකර වූ මරසෙනඟට Continue reading “01. අපණ්ණක ජාතකය – Apannaka Jathakaya”

Design a site like this with WordPress.com
Get started